Monday, February 27, 2012
පටාචාරා ගේ පිරිමි සතා.......
මට කව්රුවත් නෑ
ඹබත් නෑ ඇයත් නෑ
දරුවනුත් නෑ
අනේ කෝ මගේ දරුවෝ...
ඇය ඇතර ගොස් මා
නොකල වරදට
දරුවන් නැත ලඟක
දුරක මා ඇතහැර.....
ගෙවෙන දවසින් දවස
දුකද හා තනිකම
රජ කරන දිවියක
කොතැනකද සැනසුම.....
මා පියන් මාඇතැර
ගත් නිසා ඈ සුරත
එරෙහිව ගිය නිසා ඔවුනට
දැන් නෑ කිසි කෙනෙක් තනියට....
ලංකරගන්න හදනා
හැම මොහොතකම දුර ඇදෙනා
තනි හිතට රිදුනා
ලේසියට හිත මතට ඇදුනා.....
හිත තැලෙන හැම වාරෙම
නෙත උනන හැම කඳුලම
දිය කර වීදුරැවෙ ම
ඉන්නේ හිත අවසියෙම.....
සිහිනෙන් වගේ හද
මුමුනන්නේ කවි පද
ගොතා හිත පිරිමැද
කොටමි සිත නිවෙන සඳ....
ඉන්නට උනා අතැර
දරැවන් හා නිවස
සරි කල උන් දිවි පෙවත
නොකා නොලබා සැපත..
අගයක් නැහැ ඒත්
ඒ ගැන එකෙක්ටවත්
අත්හරිමි අත්හරිමි
දුෂ්කරක් ක්රියාව......
රෑට එහෙම හිතෙනවා
හිත දැඩි කරගන්නවා
උදේ ඇහැරෙනවා
අද නිවාඩුවක් ගමුද ?.....
ඒත්.... ළමයින් ගේ ස්කූල් ෆීස්
වෑන් සල්ලි... ක්ලාස් වලට
පීට්සා.. මැක්ඩොනල්ඩ්
ඔන්න ඔහේ වැඩට යමු....
අඩු ගානේ මට නැතත්...
උන්වත් විඳියි නේ ජීවිතේ....
මට නැතත් කමක් නැහැ...
ඔන්න ඔහේ වැඩට යමු....
මං වැඩට යනවා......
Labels:
කවි,
කවි කථා,
කවි නොවන කවි
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම සමහර මිනිස්සු දැක්කහම හිතෙනව ජීවත් වෙන්නෙ රස්සාවක් කරන්නද කියලත්...
ReplyDeleteපව්. කිසි කෙනෙක්ගෙන් ඇගයීමක් නැති මේ වගේ මිනිස්සු ...
ReplyDeleteහ්ම්ම් මොනව කරන්නද ඉතින් . ඔන්න ඔහේ වැඩට යන්ට .
ReplyDeleteරස්සාවක් ගැනද බොල ?
ReplyDeleteහිකිස් !
එරෙහිව ගිය නිසා ඔවුනට
ReplyDeleteදැන් නෑ කිසි කෙනෙක් තනියට....දුක තමයි.
dukayi :(
ReplyDeleteplease post that sanasgala article...
ReplyDeleteමචං ඇයි පෝස්ට් එක ගැලෙව්වෙ ??? ඒක දාපං මයෙ දෙයියො
ReplyDelete