Friday, June 29, 2012

ටිකක් හිනා වෙන්න සහ මධුසමය 2 (මේක නම් අනිවාර්යෙන්ම 18 + )


මීට කලින් ලියපු ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 පොස්ට් එක බැලුවනේ... කීප දෙනෙක් විවිධාකාරයෙන් තර්ජන එල්ලා කරලා තිබුනා මේකේ දෙවැනි කොටස දාන්න කියලා.....

ඔන්න එහෙනම් අපි දැන් බලමු ටිකක් හිනා වෙන්න ත් එක්ක මධු සමයට ගන ගෑණු ළමයාට ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා.....

දුර ගිය රථය තානායම වෙත ආවා
සැනසී විවේකව රෑ කෑමද කෑවා
තව හිතු මනාපය ලෙස අඩු වැඩි මේවා
ඔබටත් යම් දිනක විඳගත හැකි ඒවා

කොපමන රස අහර තිබුනත් වළඳන්න
හද පිරි තුට සිනා බැහැ නොව තව ඉන්න
පොඩිකල සිට පතාගෙන රැක ගෙන උන්න
"ඔහුගෙන්" කන තුරු මට බැහැ ඉවසන්න

හිටිවු වවා අල ගොවිතැන් කරගත්ත
උදුරා කපා තම්බා හැර පිට පොත්ත
අප ටික බෙදන කුරු මේසයකට පැත්ත
ඉවසාගන්න බැරි බව සහතික ඇත්ත

පාසැල් යන වියේ "මා කල" යට හිඟුල
 අද එන නියම ලෙස හීතලයට මගුල
අසු උන සතෙකු වාගේ දැන දැන උගුට
කාමරයේ දොරට දාගත්තෙමු අගුල

සිහිලස ලබා දී පෙම් යුවලකට සරූ
වේවා පමා හෙට උදයට නැගෙන හිරූ
තව තව කියන්නේ මා මොනවටද බොරූ
නැත ඉවසුමක් අර ටික මට කෙරෙන තුරූ

වත දෙස බලා අභිමුඛයට පැමිනි විට
ඔහු මා වඩාගෙන පෙන්වා සිනහා කට
සිඹිමින් මුහුන ළය මඩලට තුරුළු කොට
තැබුවා ගෙන ගොසින් මංගල යහන පිට

සොඳුරිය ඔබට වෙහෙසද නිදිමත ද ප්‍රයේ
ඒ බව ඔබේ මුහුනේ පිළිඹිඹුව තියේ
මම නිදි මරන්නෙමි එලිවෙන තුරුම රැයේ
බැල්මෙන් මගේ අදහස පල කලෙමි ලයේ

මට හාදුවක් දී මී පැණි පරිදි රහා
ආදරයෙන් බලා සිට මගේ මුහුණ දිහා
ඉවතට ගොස් එතෙක් ඇදසිටි ඇඳුම ලිහා
නිදි ඇඳුමකින් සැරසී පැමිනීය වහා

මගේ පන බලන්‍නකෝ දහයයි වෙලාවද
මොනවා කරනවද තාමත් බලා හිඳ
ඔය රෙදි ලිහා ලැසි ගමනින් සලා බඳ
එන්නකෝ මගේ ලඟට මගේ සුදු "කැලෑ හඳ"

ඔහුගේ සියළු අදහස් යටි සිතින් දැක
වසමින් අඳින කාමරයේ පියන් දෙක
මා ගොස් ඇඳුම් ගලවින විට එකින් එක
සිටියා මග බලා ගෙන ඔහු හොරෙන් රැක

මොනවද බලන්නේ කොල්ලෝ අයින් වෙලා
සැනසුම ලබනවද මා දෙස හොරෙන් බලා
කියමින් ලඟට ගොස් ඔහු වෙත නුවන් හෙලා
මා ඔහු සමග ඇඳ ගාවට ගමන් කලා

මා ගොස් නිදි යහන මත දිග ඇදුනු කොට
රහසක් කීය ඔහු මාගේ කනට කොට
ගලවා "කිමොනා" සහ ඔය ඇඳි ගවුම යට
පෙම්කඳ නැගිට එන්නකො මගේ ඉදිරියට

ලැජ්ජයි අනේ මට බැහැ නග්නව ඉන්න
අයියෝ මෙහි නොමැත කිසිවෙක් බියවන්න
අයියෝ පනේ මට කරදර නොකරන්න
තව රෑ වෙනවා නොවැ එන්නකෝ නිදියන්න

එහෙනම් ඔන්න ඔබ තනියම නිදියන්න
ඉඩදී ඔබට මම යමි එලියට ඔන්න
බැරිනම් ඔබට මා හිත ඉටු කරලන්න
එළිවෙන තුරැ බැරිද මට පුටුවක නිදියන්න

ඇත්තට අනේ ඔබ වගේ එක්කෙනෙක් හරී
නැහැ නොවැ ඔබේ ඉස්සර ගති තවම ඇරී
තිබුනොත් වැරැද්දක පොඩියට මොනවා හරී
ඉවසන්නට මොකද අද දවසටත් බැරී

බලහත්කාරකම් එක අතකට කුමට
ඇඳ මත මුනින් පෙරලී දකුනට වමට
පොරකා කිසිම පිළිසරණක නැති කමට
ඔහුගෙන් මිදී මම බැස ගත්තෙමි බිමට

සැනසෙන්නට මගේ පෙම් පිඬ පහස ලැබ
ගලවා මිසක් රෙදි නොම ආයුතුය ඔබ
නිව්වොත් ලයිට් යම් කිසිවක් නොකර ඔබ
පිලිතුරු දුනිමි මම ඔහුගේ මුහුන සිඹ

දැනවත් ඉතින් හණිකට එනු මැනවි කියා
නිව්වා ලයිට් ඔහු හැම තැන සිවිච් සොයා
ගලවා කරැවලේ රෙදි ටික පසෙක තියා
සෝදිසියෙන් හිමින් මම ඇඳ ලඟට ගියා

විලිබිය නැමැති දල රෙදි කට දෙකට කරා
චුම්බනයක් දුනිමි ඔහුගේ දෙතොල කරා
ඔබ දන්නවද අයියෝ මේ බොලඳ හොරා
එකපාරට ලයිට් සේරම එලිය කරා

ලැබගන්නා පරිදි සිතමින් සිටිය රහා
ඔහු හොර ඇහින් බැලුවා මගේ "අරක" දිහා
සලකා මේක ලැජ්ජාවක් පරිදි මහා
ලඟ තිබු තුවායක් පටලා ගතිමි වහා

- තාම පටන් ගත්තා විතරයි...ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියනවා.. ඉක්මනටම දෙන්නම් -

උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි....

32 comments:

  1. පිස්සු කොර ......බලා හිඳිමි හිරු උදා වනතුරා

    ReplyDelete
  2. බස්සා බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ “තියරිය“ අනුගමනය කරනවා වගේ! ඉක්මනින් දාහංකෝ ඉතුරු ටිකත්

    ReplyDelete
  3. පිස්සු හැදෙයි.. අනෙත් කොටසත් ඉක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. දිනේශ්ටත් හදිසි වගේ :D

      Delete
  4. මොක වුනත් අව්ලක් නෑ පාන් පිච්චෙන්න කලින් එලියට ගනින්,නෑත්තන් ආයි මාස 10 කට පාවිච්චි කරලා හමාරයි....

    ReplyDelete
  5. මැක්සා....!! මැක්සා...!!! කමොන්.. (විසිල් ගසමින්)

    ReplyDelete
  6. අඩෝ මෙච්චර රහ කරන්නේ නැතිව මේක ඉවර කරපන්කෝ. කසාද බදින්න හිතෙන්නෙත් නෑ මේවා කියෝපුවාම :D

    ReplyDelete
  7. අමු කුණු හරුප නොකියා පද ගලපනා අගේ
    ශෘංගාරයත් රසයකි ලොව අංක එකේ
    පිරිමින් කැමැති ගැහැණියගේ වතට අගේ
    ආදර හිතක් බිම තිබිලයි හම්බ වුනේ

    ---------------------

    අයියෝ මගේ මනමාලය පරල වුනු
    දැක ගනු කැමැත්තේ නිරුවත එකලු වුනු
    රස විඳ ගන්න දෑසින් බී මත් ම වුනු
    පිරිමින් අහෝ තේරුම් ගත නොහැකි වුනු

    එකිනෙක බටොන් හිමි හිමිට ගලවාලා
    ඇගෙ සුන්දර ගතට ලස්සන නම් දීලා
    උඩ යට ඇඳුම් සේරම ඔහු බිම දාලා
    නරඹයි ඇයව දෑසින් මධු රස බීලා

    ගැහැණිය පියකරුය පිරිමින් මත් කරන
    කිසි දින දකින්නට බැරි ඇයි ඇගෙ උවන
    මම නම් අසා ඇත සමහරු බැඳපු අය
    කළවරෙ විතරමලු අතපත ගා කරන දෙය

    නරඹා එකි නෙකාගේ හැඩ රුව පසඟ
    කිසි රහසක් නැතිව එක්වී හිඳිය හැක
    ආසයි ආදරය දෙක විශ්වාසෙට හැළුව
    රස විඳ බැලිය හැකි මධු රස එයම වෙය

    - ඔයැයිව දන්න , ඔයැයිට ගොඩාරියක් ආදරේ කෙනෙක් -

    ReplyDelete
    Replies
    1. හැංගි හැංගි ලිව්වට අපි නම් මෙයැයිව දන්නවෝ..හික්!!

      Delete
  8. පට්ටයි මචෝ ඔබගේ ඔය පද විස්ස
    තව තව ලියන්නට තල්ලුව දෙමි පිස්ස
    පැමිණුනු සිතිවිල්ල මැමෙමින් මගේ සිත් අස්ස
    ඉවතක දමමි කෙලෙසක නොකරම රහස

    හික් හික්

    මම බ්ලොග් කලාවට කෝඩුකාරයෙක්
    එන්න මගේ පැත්තෙත්

    www.ibba.tk

    ReplyDelete
  9. පට්ට පට පට... කොණ්ඩෙ කෙලින් වෙලා ..කන් ඈත්වෙලා .. දිව දොට්ට පනින.. කවියක්....

    ලීලඟ එකේ අති බිහිසුනු සටන් ජවනිකා එහෙමත් තියෙය්ද මන්දා

    ReplyDelete
  10. හික්ස්...
    මැක්සා ඈ...
    ඉදිරියේදි මොනයිං මොනා වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ආ..... දැන් උබත් මේක කියවනවද??? උබට නැද්ද මේවගේ පට්ට item හම්බුනේ?? හොයල දාපන්කෝ.

      Delete
  11. ලොකු අයියේ ඉතින් ඊට පස්සේ ..........

    ReplyDelete
  12. ගෑනු තමයි ගෑනු.ආසයි බයයි...

    ReplyDelete
  13. මුං නාන්නේ, ඇඟ හෝදන්නේ නැද්ද?

    ReplyDelete
  14. මට නං සිහිවෙන්නේ ගොලු හදවතයි. මේක මොන්ටිසෝරි තත්වයේ එකක්. මොකට තුවායකින් වහගන්නවාද බැඳලා ගිහිල්ලාත්!

    ReplyDelete
  15. අපි අවදියෙන්. ඉක්මාන් කොරන්ඩ

    ReplyDelete
  16. අනේ මචන් ඉස්සෙල්ල ටිකවගේ අගේ නොකර ඉතුරු ටිකත් හනිකට දාන්න....... අපි මග බලාගෙන ඉන්නේ........

    ReplyDelete
  17. අපි බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  18. අම්මෝ.. බස්ස වල්වෙලා!

    ReplyDelete
  19. ඉතුරු ටිකත් ටක් ගාලා කියවන්ඩ ඕනා !!!

    ReplyDelete
  20. පාසැල් යන වියේ "මා කල" යට හිඟුල
    අද එන නියම ලෙස හීතලයට මගුල
    අසු උන සතෙකු වාගේ දැන දැන උගුට
    කාමරයේ දොරට දාගත්තෙමු අගුල

    mokakda meke theruma?

    ReplyDelete
  21. පට්ට ඕයි කෝ අනික් එව්වා :D

    ReplyDelete