Tuesday, January 3, 2012

අත්තතම්මා මතු භවයෙදි බුදු වේවා .. මගේ රත්තරං අම්මා අගසව් වේවා

(2012 වසරේ පලමු ලියවිල්ල... ආදරණිය අත්තම්මලාටත්... අම්මලාටත් ගෞරවයෙන් පිලිගන්වමි)

දස මස කුස දරා මා බිහිකර පෙමිනා
ලේ කිරි බවට හරවා දිවි රැක සොඳිනා
සිප්සත උගන්නවා නිති සොඳ ගුණ දෙමිනා
මා දැඩි කල මගේ මව් මතු බුදු වෙන්නා

ජීවිත ගමන තනිවම යන්නට දිරිය
සහ එන සියලු බාධක මඩිනට සවිය
නිවැරදි දේ දකින්නට නිති හැකියාව
දුන්නේ ඔබයි අම්මේ මට මේ දිවිය

ඇත්තට හිස නමා  එය නිති පිළි ගැනුම
යහපත සිතන උන්ගේ ගුන ගී වැයුම
අයහපත බොරැව වරදට එරෙහිවම
අසිපත අතට දුන් හැටි මතකයි තවම

අනුනගේ දුක දැකීමට ඇති හැකියාව
අසරණ උනගේ සිත් සුවපත් කරවීම
ගුන දොස විචාරය එකලෙස ඉවසීම
පුරැදු කලේ ලද දෙයකින් සැනසීම

බුද්ධගජ්ජ කියවන්නට හුරැ කෙරැම
සකස්කඩය වචනෙන් වචනය වැනුම
පන්සිය පනස් ජාතක කියවීම
අත්තම්මා දුන් සවිබල ඇත බෝම

මහ හයියෙන් බුදු ගුණ ගී වයන්නට
අනුනට මෛත්‍රිය, නිති සෙත පතන්නට
දානයේ පල විපාකද ඉන් ඇති සතුට
පහදා දුන්නු හැටි මට මතකයි තවම

සිනී බෝල ටොපි චොකලට් රස ජාතී
පාට සරැංගල් හා සෙල්ලම් බඩු ජාති
මේ හැම නැතත් පොත් පත් නෙක නෙක ජාතී
ගෙන දුන්නට  ණයයි මම ජාතිත් ජාතී

බිවු කිරි වලට ණය ගෙවනට බැහැ කිසිදා
දුන් ආදරය නොම අඩුවෙයි දරැ පෙමදා
ඔබ ලග නැතත් මා අන් අය මෙන් සැමදා
සිත ඔබ ලඟ තබා සමුගත්තෙමි මෙහි එනදා

අත්තම්මගේ ඔවදන් ශක්තිය වේවා
අම්මා දුන්න කිරි නිති මට දිරි වේවා
අත්තතම්මා මතු භවයෙදි බුදු වේවා
මගේ රත්තරං අම්මා අගසව් වේවා

(ඡායාරෑපය මධුසංක සෙනරත් සොහොයුරාගේ ඇල්බමයකින් උපුටාගන්නා ලද)

5 comments:

  1. ඔබේ කවි ගමනට හා ඇගේ දිවි ගමනට මගේ සුපැතුම්!!

    ReplyDelete
  2. මම දැනන් හිටිය බස්සට වඩා දැනුමින් සන්නද්ද බස්සෙක්නෙ දැන් ඉන්නෙ... ජයවේවා!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සනයි!! අර්ථාන්විත අදහස් පෙලක්!! සුභ පැතුම්...

    ReplyDelete
  5. ලස්සනයි!! අර්ථාන්විත අදහස් පෙලක්!! සුභ පැතුම්...

    ReplyDelete