Monday, January 23, 2012

තනිකඩයාගේ කවිය......


ගැහැණිය ප්‍රෙහෙලිකාවකි කෙලවරක් නැතී
හතර අතේ නොම විසඳුනු කොටු ද ඇතී
පහලට හරහටද කිසි තේරුමක් සිතී
තෝරාගනු අවැසි හිත ඔබගේ පිහිට පැතී


අකමැති දේ නිතරම කැමතිය කියන
බොරුවට දුක මවන කඳුළැලි වගුරවන
අවිහිංසක හිනාවෙන් නිරතුරු මුව සරන
ඇය නම් මහා වදයකි හදවත දවන


නිතරම හිනා මුව හිතයට කේන්තිය
දිලිසෙන දෑස් යට මැවෙනා කාන්තිය
නලවන කථා දෙකනට මී බිඳු වැනිය
දැක රැවටුනේ ඇය ගේ බොරු ශාන්තිය


දඟයුග නලව නලවා යන ගමන හැඩ
දැක තරැණයින් ඈ දෙස කෙළ හලනු ඇත
කුණු සිරුරට යටින් ඇති මහ බොරුව දැක
කළකිරුනේ සොයා යන්නට නිවන් සැප


බොරුවෙන් හිනාවෙන් කරනා රැවටිල්ල
පිරිමන් මත් කරයි මේ සුන්දර කෙල්ල
පියයුරු යුගල දඟලනු හැටි දැක හොල්ල
මන්මත් වෙලා මොකදැයි මේ ගොල්ල


ආසාවනුත් ආලය දෙක පටලවලා
තෝරා ගන්න බැරි තරමට මද කිපිලා
තේරැම් නොගත් ඇය හා අතිනට පටලා
දුක් විඳනට හදන්නේ ඇයි මේ හැටි නුඹලා


කොල්ලන් මුලා කරනා එක හරි ලේසී
පොරව පාර ඒකට ගෙන දෙයි වාසී
දියවැඩියා වැඩිවෙන බව දැන ලේසි
රස කර කර කනවා වගේ මුන් පැණි දෝසී


ආලය මහා වදයකි හදවත දවන
ප්‍රේමය බොරුවක්ය නැහැ ඉන් කිසි සරණ
මේ හැම මහා පැටලීමකි නොම ලිහුන
කවදා ලඟා වේවිද දිවියට නිවන


ලංකරගන්න දඟලන උන් ඇත බෝම
ආදර බස් දොඩා හිත රවටනු ඇත තාම
ලං උන උන්ගේ දුක කට ඇර නොකියාම
දුක් විඳිනවා හිතමින් කල මෝඩකම


කිසි දැන හිතට තිනකම නොම දැනේවා
ගැහැණිය ඇති ලොවක යළි නොම ඉපදේවා
ප්‍රේමය සොයා යලි නොම අවුලක් වේවා
හැමදා ලඟින් උන් “අතටම“  ජය වේවා..

24 comments:

  1. බස්සො කොහෙ හරි හැංගුනානං හොඳයි වගේ නැද්ද... ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාතන්... බලමු මොකද වෙන්‍නේ කියලා... එනපොට හොඳ නැත්නම් එහෙමවත් කරමු....හැකස්...

      Delete
  2. Replies
    1. නමයයි දශම පහ... බොහොම ස්තූතියි නුවන්...

      Delete
  3. :D:D:D:D:D:D:D:D
    කෙල්ලෝ ඇතුවත් බෑ නැතුවත් බෑ :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පුසා.... ඔව් අඩුවෙන් කෑවොත් ඇඟට හොඳ නෑ... වැඩියෙන් කෑවොත් ඒත් හොඳ නෑ වගේ...

      Delete
  4. හෑ............ !!!!!

    ReplyDelete
  5. තනිකඩ දෙකඩ කාටත් මම කියන්නේ
    ගැහැණූන් දිහා ඇයි මේ ලෙස බලන්නේ
    ගැහැණිය නොමැති ජීවිත ගැන සිතන්නේ
    කොහොම ද පිරිමි ඒ ලෙස දිවි ගෙවන්නේ

    ReplyDelete
    Replies
    1. අපි ඒ විදියට බලන්‍‍නේ නැහැ....
      ඒත් විදියට පේන්නනේ එයාලා වැඩ කරන්නේ... සොඳුරු...

      Delete
  6. ලස්සන පිංතූරේ.....කවි ටිකත් එළ ඈ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... හි හි....

      Delete
  7. සොඳුරු සිතත් එක්ක මම එකඟයි... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානි... එහෙනම් එයාට දුන්න උත්තරේම බලන්නකෝ...

      Delete
  8. මේවට කොමෙට් දාලත් බෑ... නොදාත් බෑ..

    ReplyDelete
  9. මව් සෙනෙහස සදා නොමියෙන හන්දා
    ගැහැණුන් හට ඔබේ සමාව දෙන්න සුදා :D

    ReplyDelete
    Replies
    1. ඔබ මේ තරම් හැපි හැපි ඉල්ලන හින්දා...
      නොමදී සමා ඉන්නේ කොහොමද මන්දා...

      බොහොම ස්තූතියි ගිම්හානි නංගී...

      හැමදාම වෙන්නේ ඕක... අන්තිමට 64 න් 1 ක් දාලා අවශ්‍යදේ කරගන්නවා.. හැමැදාම අපි ඔව්වට අහුවෙනවා..

      Delete
  10. සොදුරු සිත අක්කගේ කතාවට විරුද්ධ වෙමි..වැඩි පුරම තින්නේ ඔකේ අනිත් පැත්ත. හැම තිස්සෙම කෙල්ලො හිතන් ඉන්නේ උන් කරන දේ හරි කියලා

    ReplyDelete
    Replies
    1. හෑ...........!!!!!! හැම තිස්සෙම ?

      Delete
    2. හි හි... මොකද සොඳුරු කියන්නේ.....

      @ නරකයා... බොහොම ස්තූතියි..

      Delete
  11. සික්!මේ පිංතූරෙ කලින් හම්බුනා නම්... මගේ ගෑනුන්ගේ අලි පස්ස පෝස්ට් එකට දාන්න ඉස්තරම් පිංතූරෙ!

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඕන තරම් ගනින්කෝ...

      http://www.google.com/search?tbm=isch&hl=en&source=hp&biw=1280&bih=870&q=big+ass&gbv=2&oq=big+ass&aq=f&aqi=&aql=&gs_sm=s&gs_upl=4511l11980l0l13388l20l20l6l1l0l0l94l838l13l13l0

      Delete
  12. කිසි දැන හිතට තිනකම නොම දැනේවා
    ගැහැණිය ඇති ලොවක යළි නොම ඉපදේවා
    ප්‍රේමය සොයා යලි නොම අවුලක් වේවා
    හැමදා ලඟින් උන් “අතටම“ ජය වේවා..

    ReplyDelete