Monday, January 23, 2012
තනිකඩයාගේ කවිය......
ගැහැණිය ප්‍රෙහෙලිකාවකි කෙලවරක් නැතී
හතර අතේ නොම විසඳුනු කොටු ද ඇතී
පහලට හරහටද කිසි තේරුමක් සිතී
තෝරාගනු අවැසි හිත ඔබගේ පිහිට පැතී
අකමැති දේ නිතරම කැමතිය කියන
බොරුවට දුක මවන කඳුළැලි වගුරවන
අවිහිංසක හිනාවෙන් නිරතුරු මුව සරන
ඇය නම් මහා වදයකි හදවත දවන
නිතරම හිනා මුව හිතයට කේන්තිය
දිලිසෙන දෑස් යට මැවෙනා කාන්තිය
නලවන කථා දෙකනට මී බිඳු වැනිය
දැක රැවටුනේ ඇය ගේ බොරු ශාන්තිය
දඟයුග නලව නලවා යන ගමන හැඩ
දැක තරැණයින් ඈ දෙස කෙළ හලනු ඇත
කුණු සිරුරට යටින් ඇති මහ බොරුව දැක
කළකිරුනේ සොයා යන්නට නිවන් සැප
බොරුවෙන් හිනාවෙන් කරනා රැවටිල්ල
පිරිමන් මත් කරයි මේ සුන්දර කෙල්ල
පියයුරු යුගල දඟලනු හැටි දැක හොල්ල
මන්මත් වෙලා මොකදැයි මේ ගොල්ල
ආසාවනුත් ආලය දෙක පටලවලා
තෝරා ගන්න බැරි තරමට මද කිපිලා
තේරැම් නොගත් ඇය හා අතිනට පටලා
දුක් විඳනට හදන්නේ ඇයි මේ හැටි නුඹලා
කොල්ලන් මුලා කරනා එක හරි ලේසී
පොරව පාර ඒකට ගෙන දෙයි වාසී
දියවැඩියා වැඩිවෙන බව දැන ලේසි
රස කර කර කනවා වගේ මුන් පැණි දෝසී
ආලය මහා වදයකි හදවත දවන
ප්‍රේමය බොරුවක්ය නැහැ ඉන් කිසි සරණ
මේ හැම මහා පැටලීමකි නොම ලිහුන
කවදා ලඟා වේවිද දිවියට නිවන
ලංකරගන්න දඟලන උන් ඇත බෝම
ආදර බස් දොඩා හිත රවටනු ඇත තාම
ලං උන උන්ගේ දුක කට ඇර නොකියාම
දුක් විඳිනවා හිතමින් කල මෝඩකම
කිසි දැන හිතට තිනකම නොම දැනේවා
ගැහැණිය ඇති ලොවක යළි නොම ඉපදේවා
ප්‍රේමය සොයා යලි නොම අවුලක් වේවා
හැමදා ලඟින් උන් “අතටම“ ජය වේවා..
Labels:
කවි,
කවි කථා,
කවි නොවන කවි,
කාත්තාව
Subscribe to:
Post Comments (Atom)
බස්සො කොහෙ හරි හැංගුනානං හොඳයි වගේ නැද්ද... ;)
ReplyDeleteබොහොම ස්තූතියි සාතන්... බලමු මොකද වෙන්නේ කියලා... එනපොට හොඳ නැත්නම් එහෙමවත් කරමු....හැකස්...
Deleteතිත්ත ඇත්ත!:/
ReplyDeleteනමයයි දශම පහ... බොහොම ස්තූතියි නුවන්...
Delete:D:D:D:D:D:D:D:D
ReplyDeleteකෙල්ලෝ ඇතුවත් බෑ නැතුවත් බෑ :D
බොහොම ස්තූතියි පුසා.... ඔව් අඩුවෙන් කෑවොත් ඇඟට හොඳ නෑ... වැඩියෙන් කෑවොත් ඒත් හොඳ නෑ වගේ...
Deleteහෑ............ !!!!!
ReplyDeleteමොකෝ....
Deleteතනිකඩ දෙකඩ කාටත් මම කියන්නේ
ReplyDeleteගැහැණූන් දිහා ඇයි මේ ලෙස බලන්නේ
ගැහැණිය නොමැති ජීවිත ගැන සිතන්නේ
කොහොම ද පිරිමි ඒ ලෙස දිවි ගෙවන්නේ
අපි ඒ විදියට බලන්නේ නැහැ....
Deleteඒත් විදියට පේන්නනේ එයාලා වැඩ කරන්නේ... සොඳුරු...
ලස්සන පිංතූරේ.....කවි ටිකත් එළ ඈ....
ReplyDeleteබොහොම ස්තූතියි... හි හි....
Deleteසොඳුරු සිතත් එක්ක මම එකඟයි... :)
ReplyDeleteබොහොම ස්තූතියි ශානි... එහෙනම් එයාට දුන්න උත්තරේම බලන්නකෝ...
Deleteමේවට කොමෙට් දාලත් බෑ... නොදාත් බෑ..
ReplyDeleteනරකයා... ඇත්ත කථාව....
Deleteමව් සෙනෙහස සදා නොමියෙන හන්දා
ReplyDeleteගැහැණුන් හට ඔබේ සමාව දෙන්න සුදා :D
ඔබ මේ තරම් හැපි හැපි ඉල්ලන හින්දා...
Deleteනොමදී සමා ඉන්නේ කොහොමද මන්දා...
බොහොම ස්තූතියි ගිම්හානි නංගී...
හැමදාම වෙන්නේ ඕක... අන්තිමට 64 න් 1 ක් දාලා අවශ්‍යදේ කරගන්නවා.. හැමැදාම අපි ඔව්වට අහුවෙනවා..
සොදුරු සිත අක්කගේ කතාවට විරුද්ධ වෙමි..වැඩි පුරම තින්නේ ඔකේ අනිත් පැත්ත. හැම තිස්සෙම කෙල්ලො හිතන් ඉන්නේ උන් කරන දේ හරි කියලා
ReplyDeleteහෑ...........!!!!!! හැම තිස්සෙම ?
Deleteහි හි... මොකද සොඳුරු කියන්නේ.....
Delete@ නරකයා... බොහොම ස්තූතියි..
සික්!මේ පිංතූරෙ කලින් හම්බුනා නම්... මගේ ගෑනුන්ගේ අලි පස්ස පෝස්ට් එකට දාන්න ඉස්තරම් පිංතූරෙ!
ReplyDeleteමේ තියෙන්නේ ඕන තරම් ගනින්කෝ...
Deletehttp://www.google.com/search?tbm=isch&hl=en&source=hp&biw=1280&bih=870&q=big+ass&gbv=2&oq=big+ass&aq=f&aqi=&aql=&gs_sm=s&gs_upl=4511l11980l0l13388l20l20l6l1l0l0l94l838l13l13l0
කිසි දැන හිතට තිනකම නොම දැනේවා
ReplyDeleteගැහැණිය ඇති ලොවක යළි නොම ඉපදේවා
ප්‍රේමය සොයා යලි නොම අවුලක් වේවා
හැමදා ලඟින් උන් “අතටම“ ජය වේවා..