Monday, February 20, 2012

නිදියහනේ.... නැහැ සහනේ........


අපි බොහෝ දෙනෙක් ආදරේට ආදරෙයි.... ආදරේ ලබන්න... වගේම ආදරේ කරන්න... බොහෝ දෙනෙක් තමන් ගේ පෙම්වතිය පෙම්වතා තෝරගත්තට පස්සේ ඔහු හෝ ඇය එක්ක අනාගතය සැලසුම් කරනවා... විවාහය... ජිවිතේ ඉදිරිය කොහොමද ගතකරන්නේ.... අනාගතය සැලසුම් කරන්නේ කොහොමද... ඔන්න ඔය වගේ දේවල්... 

මේ බොහෝ දේ කරලා.... අවුරුදු ගානක් ආශ්‍රය කරලා විවාහ උනාට පස්සේ ටික කාලෙකදි පවුලේ විවිධ ප්‍රශ්ණ ඇතිවෙනවා... දෙන්නට දෙන්නගේ තියන නොගැලපීම්, අනවබෝධය දේවල ටික් ටික එළියට එන්න පටන් ගන්නවා... ආදරය කරන කාලේ කුරැළු ජෝඩුවක් වගේ හිටපු අය නයා සහ මුගටියා චරිතය රඟපාන්න පටන් ගන්නවා.... ස්වාමියාට භාර්යාව රුස්සන්නේ නැහැ... භාර්යාවට ස්වාමියාව රුස්සන්නේ නැහැ... ආදරය කරන කාලේ පුංචි පුංචි දේ ඉවසලා.. සමාව දෙන..... ඒවා අමතක කරලා දාලා හිටපු දෙන්නා විවාහ උනාට පස්සේ දෙන්නට දෙන්නගේ වැරදි අඩුපාඩු මතුකරනවා. ඒවා විවේඡනය කරනවා.. සමහර වෙලාවට ප්‍රසිද්ධියේ.... ඒක්කෝ දෙමව්පියෝ එක්ක... යාලුවෝ එක්ක... බිරිඳ ගේ සැමියගේ වැරදි කියනවා.... ඔවුන්ගෙන් උත්තර හොයනවා... 

මේ වගේ අවස්ථාවක දී ඊලඟ අදියර වෙන්නේ දෙදෙනා අතර ඇතිවෙන සැකය... බිරිඳ මේකට බොහෝ විට මුල් වෙනවා... "තමුසේ මට ආදරේ නැත්තේ තමුසෙට ආදරේ කරන්න වෙන එකියක් ඉන්නවා ඇති"...... මේ වගේ අදහසක් නිතරම හිතේ තියාගෙන කටයුතු කරනවා... බිරිඳ කෙලින්ම මො චෝදනාව කරනවා... බොහෝ විට යම් බහින්බස් වීමක අවසාන තුරැම්පුව විදියට බිරිඳ පාවිච්චි කරන්නේ මේ ආයුධය...

සැමියත් එහෙමයි.... බිරිඳගේ නොරිස්සුමට හේතුව "මම වැඩට ගියාම මේකි වෙන එකෙක් එක්ක මගුනල් නටන" හින්දා වෙන්න ඇති කියන සැකය ඇති කරගන්නවා...මේ වැඩේ දිගින් දිගටම පවත්වාගෙන යාම තුලින් පවුල් ජීවිතය නීරස වෙනවා පමනක් නෙමෙයි, දැඩි මානසික පීඩනයත් ආතතියත් හේතුවෙන් ඔහු හෝ ඇයි අවට පරිසරයට ඒ පිඩනය මුදා හරිනවා... සමීපතමයින් පීඩාවට පත්වෙනවා....

ප්‍රේමවන්තයින් විදියට ඉන්න ලද හැම අවස්ථාවක සිපගන්න.... තුරුල් කරගන්න වගේම එතනින් එහාට යන්නත් බලාගෙන ඉන්න අය විවාහ උනාට පස්සෙ නිදියහනට යන්නෙත් සාලාක ක්‍රමයට.... "ඔයා නිදාගන්න මම එන්නම්"... ලිංගික ජීවිතය උදාසීන වෙලා.... මේ ගැන මීට පෙරත් නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති කථාවක්...තුලිනුත් මම පෙන්නලා දුන්නා...

බොහෝ විවාහ උන පිරිමින්ට තමන්ගේ බිරිඳ හැර තමන්ගේ වටේ ඉන්න කාන්තාවන් ලස්සනට, හැඩට පේනවා.. වාහනයක... එහෙමත් නැත්නම් පොදු ප්‍රවාහන සේවයක වැඩට පිරිමියෙක් තමන් දකින කාන්තාවන් කීදෙනක් එක්ක හිතින් සංසර්ගයේ යෙදෙනවද ? ෂික්...  මේක මට ලැබුනේ නැහැනේ කියලා කනගාටු වෙනවද.....අපරාදේ නොබැඳ හිටියා නම් කියලා කීපාරක් හිතනවද ? නමුත් පිරිමියා මේ සිතුවිළි හිතේ හිර කරගෙන ඉන්නවා... ප්‍රකාශ කරන්නේ නැහැ....

ඒ වගේම තමයි බොහෝ කාන්තාවන්... තමන්ගෙ පිරිමියා ඇරෙන්න ලොකේ ඉන්න හැම පිරිමියාම ඇයට හොඳයි... තමන්ගේ පවුලට ආදරෙයි... භාර්යාවට ආදරෙයි.... බොහෝ විට කාන්තාවන් මේ බව ප්‍රකාශ කරනවා.... "බලනවා අර අහවලාගේ හස්බන්ඩ් එයාට කොයිතරම් ආදරේද ?" ..... "බලන්න අනේ අපේ මිනිහා....... ඊයේ රෑ 12 ත් පහු වෙලා ගෙදර එනකොට"...... මේ වගේ බොහෝ චෝදනා කාන්තාව එළියට ප්‍රකාශ කරනවා..... 

මේ වගේ බොහෝ නොගැලපීම්.... චෝදනා.....හිත්තැවුල්... නොරිස්සුම්.. ආදී මෙකී නොකී දේ තුල විවාහ ජීවිතය අඩාල වෙනවා.....

ඒත් ආයි මෙහෙම වෙන්නේ ..... පෙම්වතුන් විදියට දවසක් දෙකක් එකිනෙකා නොදැක ඉන්න බැරිව.... කට හඬ අහන්න බැරිව හිටපු පම්වතුන්.... මෙහෙම වෙනස් වෙන්නේ ඇයි..... මේ ගැන හිතන්න ඔබට බාර කරනවා..

මේ ප්‍රශ්ණ කියල අහන්න හිතුනා.... ඔබ විවාහක ස්වාමියෙක් හෝ භාර්යාවක් නම්..... ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් ඔබට අවංකව මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න....

1. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පාට කුමක්ද ?
2. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පාට ‍කුමක්ද ?
3. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම මල ‍කුමක්ද ?
4. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම මල ‍කුමක්ද ?
5. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ගීතය ‍කුමක්ද ?
6. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ගීතය ‍කුමක්ද ? 
7. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම කෑම ‍කුමක්ද ? 
8. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම කෑම ‍කුමක්ද ? 
9. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම බීම ‍කුමක්ද ? 
10. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම බීම ‍කුමක්ද ? 
11. ඔබේ සහකාරයා හෝ සහකාරිය අහනන් කැමතිම චවනය කුමක්ද ? 
12.ඔබේ‍ සහකාරයා හෝ සහකාරිය අහන්න අකැමතිම වචනය කුමක්ද ?
13. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම චිත්‍රපටය ‍කුමක්ද ?  
14. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම චිත්‍රපටය ‍කුමක්ද ? 
15. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම පලාත ‍කුමක්ද ? 
16. ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම පලාත ‍කුමක්ද ? 
17. ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම ඇඳුම ‍කුමක්ද ? 
18.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම ඇඳුම ‍කුමක්ද ?
19.ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමතිම සංසර්ග ඉරියව්ව ‍කුමක්ද ?  
20.ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමතිම සංසර්ග ඉරියව්ව කුමක්ද ?

ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය කැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 %  නම් ‍ඔබ ‍හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....
ඔබ ඔබේ සහකාරයා හෝ සහකාරිය අකැමති දේ පිළිබඳව කොයි තරම් දැනුවත්ද ?..... 100 % නම් ඔබ ‍ඉතා හොඳ සහකාරයෙක් හෝ සහකාරියක්....



"කැමතිම දේ දැනගැනීමට වඩා අකමැතිම දේ ඈත් කිරීම තුලින් ආදරයට බොහෝ බලපෑම් කල හැකි බව තරයේ මතක තබා ගන්න......"

-මතු සම්බන්ධයි- 

(ඇනෝ ඇතුලු සියලු අදහස් සංවාදයට හේතුකාරණා වේ)

40 comments:

  1. දැනට නම් කිසිසේත්ම අදාළ නොවුනට අනාගතයට වටිනවා.... බලමුකෝ, ඕනේ කාලේ වෙද්දී මේ පැත්තට ඇවිල්ලා රවුමක් දාලා මතකය අලුත් කරගෙන යන්න බැරියැ...........

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ගොඩක් වටිනවා .... මොකද භාන්ඩයක් තෝරා ගැනීමේද භාණ්ඩය තෝරගෙන අවශ්‍යතා ගලපනවට වඩා, අවශ්‍යතා හඳුනගෙන භාණ්ඩය තෝරාගැනීම ගොඩක් වැදගත්....

      බොහොම ස්තූතියි....

      Delete
  2. හරි මතක තියාගත්තා .. වටිනා උපදෙස් ටික .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොඳයි ගිමිහානි නංගි...... බොහොම ස්තූතියි....

      Delete
  3. මේ ගැන කියන්න නම් ගොඩක් දේවල් තිබුනට කොතනින් පටන්ගන්නද තේරෙන්නෙ නෑ.. ;)
    එකක් තමයි ආදරේ කරන කාලෙදි දෙපැත්තෙන්ම අනිකට පෙන්නන්නෙ වෙස්මූණක් වීම... එක වහලක් යට ඉද්දි ඔය වෙස් මූණ ඉබේම ගැලවෙනව... (වෙස් මූණක් කිව්වෙ, යාළුවෙලා ඉන්න කාලෙදි දෙන්න අනික් කෙනාට හොඳම කෙනා වෙන්න උත්සහ කරන එකට)

    එතනදි අනික් කෙනාව තමන්ට ඕන විදිහට වෙනස් කරන්න යනකොට කොක්ක කම්ප්ලීට් ;)

    අදහස් දැක්වුව ඇතිනෙ :)

    ReplyDelete
    Replies
    1. සාතන්ගේ කථාවට මම 100% ක් එකඟයි... අපි කවදාවත් අපි කරන රැවටිල්ල තේරුම් නොගැනීමයි ප්‍රශ්ණේ... ඒක තේරුම් නොගන්නනා තාක් මේ ප්‍රශ්ණ දිගින් දිගටම තියෙයි....
      බොහොම ස්තූතියි...

      Delete
  4. අර කාරණා ටික නං වැදගත් කියලා හිතෙනවා. බලමුකො ඕනැ උනොත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... බුද්ධි..... ඔව් හොඳ තීරණයක් ගන්න....

      Delete
  5. marriage is like going to a restaurant with your friends! U always stare at others plates and wish u had ordered that!

    ReplyDelete
    Replies
    1. ඔක ඔය විදියට නොවෙන එකයි සබිත් ප්‍රශ්ණේ... කියන්න බොහොම ලේසියි.... නමුත් කරනකොටයි ඒකේ අමාරුව තේරෙන්නේ...

      Delete
  6. අදයි මේ පැත්තට හොඩ වැදුනේ... ජීවිතයට ගතයුතු දෙයක් තියෙන පාටයි හිමින් හිමින් කියවලා බලන්නම්කෝ සේරම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉරණම්කාරි..... කියවලාම බලන්නකෝ එහෙනම්....

      Delete
  7. චැහ් ඔයින් එකක් තියා එයාගේ සම්පුර්ණ නමවත් මම දන්නෑනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්ත කිව්වා..... බොහොම ස්තූතියි....ජිංජිබිරිස්...

      Delete
  8. 1. එහෙම විශේෂයක් කියල නෑ . . හැබැයි නිල්, කොල පැත්තට ටිකක් බරයි
    2. කිසිම ලුමිනස් පාටකට කැමති නෑ
    3. හැම මලකටම
    4. එහෙම එකක් නෑ
    5. විජෙයි රගපාන විල්ලු චිත්‍රපටයෙ වා ඩා මාපුලෙයි ගීතය
    6. ඕනෙ එකක් අහනව . . මම කියන කුනුහරප සිංදු ඇර
    7. වැනිලා අයිස්ක්‍රීම්, චිලි චිකන් ශවර්මා
    8. හරක් මස්, ඌරු මස්
    9. ෆලූඩා
    10. බියර්
    11. තනි වචනයක් නෑ . . කොහෙ හරි යමුද ? කියල අහනවට නං හෙන ආසයි
    12. තනි වචනයක් නෑ . . අද ගෙදර එන්න වෙන්නෙ නෑ වගේ ඒවට ටිකක් අකමැතියි
    13. රජ්නි කාන්ත්, විජෙයි රඟපාන ඕනෙම චිත්‍රපටයක්
    14. මගෙ වැල කලෙක්ෂන් එකේ එකකටවත් කැමති නෑ
    15. වැල්ලවත්ත
    16. එහෙම එකක් නෑ
    17. ශල්වාර්, ඩෙනිම, ටී ශර්ට්
    18. එහෙම එකක් නෑ
    19. ඕනෑ හැටියක්
    20. ඉහත 19 බලන්න

    ReplyDelete
    Replies
    1. ඕනේ... බොහොම ස්තූතියි..
      උඹ තමයි දවසේ කමෙන්ටුව දාලා තියෙන්නේ.....
      නෝනෙටත් දීලා බලපන් මොනවද කියන්නේ කියලා...
      දෙක සමානයි නම් හරි නේ....

      Delete
    2. දෙන්න පුලුවං . . . උත්තර සමාන වෙන්නෙ නෑ . . ඒත් මේ හැම ප්‍රශ්නකටම උත්තර ලැබෙනව 8 වෙනි ප්‍රශ්නෙට ඇරෙන්න. මගෙ ආසම කෑම ඌරු මස් කියල හාමිනේ දන්නෙ නෑ . . මම ඒක දැනගන්න තියන්නෙත් නෑ

      Delete
    3. මේ ප්‍රශ්ණ වැල දාලා මම පෙන්නන් උත්සහ කලෙත් ඒ දේම තමයි මචං... නේනෙක් එක වහලක් යට ජීවත් වෙනවා... නමුත් එකිනෙකා පිළිබඳ බොහොම සරළ දේ වත් නිවැරදි වැටහීමක් නැහැ...
      අන්න ඒ දේ තේරැම් ගන්න පුලුවන් නම් පවුලක් වඩාත් සාර්ථකයි..

      බොහෝ පිරිම වගේ ම කාන්තාවනුත් ඒ වගේ කැපකිරීම් කරනවා, ඒක තමයි ආදරේ කියන්නෙත්... ඒ තුල තමයි පවුලක් පවතින්නෙත්...

      Delete
    4. //නමුත් එකිනෙකා පිළිබඳ බොහොම සරළ දේ වත් නිවැරදි වැටහීමක් නැහැ.//
      උඹ මේ කියමනෙන් අදහස් කලේ මම ඔය 8වෙනි ප්‍රශ්නෙට දීපු උත්තරේ නං . . . මචං මම ලවු කරන කාලෙම කරපු කැපකිරීමක් ඒක.

      Delete
    5. නැහැ ඒක විතරක්ම් නෙමෙයි... මේක අපි බොහෝ දෙනෙක්ට පොදු තත්වයක් "ඕනේ"... බොහොම සරලයි කියලා හිතෙන දේට බොහෝ දේ කරන්න පුලුවන්....

      මම මේ පොස්ටුවේ අවසානේ කියලා තියන කථාව නේද උඹ ඔප්පු කරලා තියෙන්නේ ?

      Delete
    6. ඔවු . . . ඒක තමයි

      Delete
  9. "කැමතිම දේ දැනගැනීමට වඩා අකමැතිම දේ ඈත් කිරීම තුලින් ආදරයට බොහෝ බලපෑම් කල හැකි බව තරයේ මතක තබා ගන්න......"

    වටිනා කියමනක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.....
      මම තේරුම් ගත්ත විදිය තමයි මම පැහැදිලි කලේ...

      Delete
  10. දැන් ඔය මහත්තයා මේ සේරටම උත්තර දන්නවැයි ....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... එක කල්පනා කරලා බලන්න ඕනේ....
      බොහොම ස්තූතියි.... පන්සල් හංදීය...

      Delete
  11. ලිපිය නම් සිරා හොඳේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවීන්.....

      Delete
  12. ඉදිරියේදී ඕනි උනොත් කියා හිතලා මතක තියා ගන්නවා....:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියන්ත.... එහෙම නම් ගොඩක් වටිනවා .... මොකද භාන්ඩයක් තෝරා ගැනීමේද භාණ්ඩය තෝරගෙන අවශ්‍යතා ගලපනවට වඩා, අවශ්‍යතා හඳුනගෙන භාණ්ඩය තෝරාගැනීම ගොඩක් වැදගත්....

      Delete
  13. පොඩ්ඩක් ඉන්ට ප්‍රශ්න පත්තරේ ඇරලා බලන කල්. ඊට පස්සේ තමා කමෙන්ට් කරන්ට වෙන්නේ.:D

    ඔයා හිතනවද මේ ටික දැන ගත්තොත්, බැඳපු උදවියට පවුල් ජීවිතය වඩා හොඳට ගෙනියන්ට පුලුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණ වැල දාලා මම පෙන්නන් උත්සහ කලෙත් ඒ දේම තමයි ප්‍රවීනා...දෙන්නෙක් එක වහලක් යට ජීවත් වෙනවා... නමුත් එකිනෙකා පිළිබඳ බොහොම සරළ දේ වත් නිවැරදි වැටහීමක් නැහැ...
      අන්න ඒ දේ තේරැම් ගන්න පුලුවන් නම් පවුලක් වඩාත් සාර්ථකයි..

      උත්සහ කරලා බලන්න පොකූ....

      Delete
  14. හොද ලිපියක් ජනක...ස්තුතියි..පලවෙනි වතාවට මේ පැත්තෙ ඇවිත් ගියෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනිති.....සාදරයෙන් පිලිගන්නවා..... ජීවිතය විඳින්න....

      Delete
  15. නිපුන උදයFebruary 22, 2012 at 9:46 PM

    ප්‍රශ්නවලින් 75% ක් විතර දන්නවා. 19,20 නම් තවම දන් නෑ..

    ReplyDelete
  16. ජීවිතයට ගන්න ගොඩක්‌ දේවල් තියනවා මේකේ. ඇත්තටම ගොඩක්‌ වටිනවා.මේ ප්‍රශ්න වලින් එකක්‌වත් මම හරියටම දන්නෙ නැහැනේ කියලා හිතුනම මටම ලැජ්ජයි.අදින් පස්‌සේ එයා ගැන මීට වඩා හිතන්න ඕනා.ස්‌තූතියි.

    ReplyDelete
  17. අවන්කවම කියනවානම්.20/5 කටවත් උත්තර දෙන්න දන්නේ නෑ.පෙම්වතුන් යුගයේනම් පොත් කියෙව්වා,සින්දු ඇහුවා,,,දැන්නම් පොතක් ඇන්ගේ හැපුනත් කියවන්නේ නෑ.....ඇත්තනම් නොගැලපෙන දෙන්නෙක් ගැලපෙන්න කරන උත්සාහය තමයි මේ අවුල,හිතන්න බොහෝ දේ තියන ලිපියක්....

    ReplyDelete
  18. මටත් දැනට ඕනෙ නෑ.... ඕන වෙන්න තව ගොඩාආආආක් කල් තියනවා...ඒත් හුඟක් වැදගත් ලිපියක්... ඕනෙම වෙලාවකට, ඕනෙම දේශගුණයකට කිසිම අමාරුවක් නැතුව අදින්න පුලුවන් ඇදුමක් තෝරගන්නව වගේ වැඩක්... ඒ මට හිතුනු විදිහ....ජය!!!

    ReplyDelete
  19. මේ හැම දේම දැනගෙන ( 19/20 නැතිව ) කැප කිරීම් කරපු අයත් .. අවංකව ආදරේ කරපු අයත් වෙන වෙනවනේ .... බස්සයියේ ....................

    ReplyDelete