Friday, December 9, 2011

ගිණිගත් මධුසමය.....


හමුවෙන හැම මොහොතක්ම
සුන්දරව නිම උනා
දින සතිද මා මාස
එකදිගට ගත උනා
ඔබ හා බැඳුන සිත
දුක සතුට මුසු වෙලා
කාලයක් ගතවෙලා
විවාහෙට මග එළිවෙලා
මංගල්ලේ සියලු වැඩ
නියමෙටම සිදු උනා
දෙපැත්තෙම නෑ‍දෑයෝ
දෙගොල්ලම එක් උනා
අෂ්ඨකද පෝරැවද
ජයමගුල් කිය උනා
යාලුවෝ රැස් උනා
රැග් ද තව තව විහිළුද
ගොඩක් උන් ‍බ්ලොගාලයි
අනික් උන් බුකියෙනුයි
එක තැනක එක් වෙලා
මගුල ජයටම සැමරැවා
පිටත් වෙන වෙලාවට
රතිඤඤත් පිපුරැවා
මල් වෙඩිද දල්වලා 
උන් අපිව එළෙව්වා
සුනදරම කඳු මැදින් 
වාහනේ ඇදෙනවා
බරවෙලා ඔබේනෙත්
නිදිවරව හිඳිනවා
උරහිසට තුරැලුකර
නිදන්නට ඉඩදෙන්න හිතෙනවා
පපුවට ලංවෙලා
ඔබ හොඳට නිදනවා
නවාතැන ලංවෙලා 
ඔබේ කනට කොඳුරලා
ඇහැරැවා ඹබ තාම
නිදිබරව සිටිනවා
කාමරේ තනිඋනා
සළු එකින් එක ගැලවුනා
තනි කරලේ දිග කොන්ඩේ
මගේ පපුවේ හිර උනා
මුදා හල හැඟුම් පොදි
තව රහස් ගොනුකලා
දිග සුසුම් කෙටි සුසුම් 
වා තලේ මුසු කලා..
සැතපෙන්න පුලුළුකුල
ඔබ තව විවරකලා
මම තදින් හිර කලා

හුටා....... අවසානේ දැක දැක..
ලැපේ බැට්රිය ඉවරයි......

9 comments:

  1. හී හී හී... කොල්ලා අන්තිමට කෙල්ලට සල්ලි දුන්නෙ නැද්ද?..ඉට පස්සේ කෙල්ල ඉතුරු සල්ලි දෙනවා... අපරාදේ හොදම හරියේ බැටරි බැහල තින්නේ...

    ReplyDelete
  2. අපරාදෙ...හොඳම තැනදි ඩිස්චාර්ජ් වෙලා...(බැටරිය)

    ReplyDelete
  3. චැහ් .....
    ඊට පස්සෙ මොකද දන්නෙ නැහැ උනේ .....
    වැඩේ නැගලම ගියාද නැත්නම්, අහස් යන්තරේ උඩ ගිය හැටියෙ බිම වැටුනද දන්නෑ .......

    ReplyDelete
  4. හිනෙන් බ්ලු ෆිල්ම් බලන්න ගිහින් ඈදෙන් වෑටිලා බස්සගෙ වයර් මාරු වෙලාද කොහෙද හි හි හි

    ReplyDelete
  5. ශික් හොදම හරියේදිනේ බැටරි බැහැලා තියෙන්නේ..

    ReplyDelete
  6. අපිටත් එහෙම වෙයිද දන්නේ නැහැ නේ

    ReplyDelete