Wednesday, November 23, 2011

"ඇකේ පුඟිල්ලා....."

ම කාලයක් තරුණ තරුණියොත් එක්ක බොහොම ලඟින් වැඩ කලා... තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව, ආකල්ප සංවර්ධනය තුලින් රැකියා අවස්ථා ලබාදීමට සහ ස්වයං රැකියා  අවස්ථා උදාකරදීම තමයි මෙම වැඩසටහනේ මුලික අරමුණ වුනේ....  මේවා සාමාන්‍යයෙන් අවුරැද්දකට තරුණ තරුණියෝ 250 ක් විතර සහභාගීවෙන හය මාසික පාඨාමලාවන්.... ඒ මාස 6 තුල මට අවස්ථාව ලැබුනා ඔවුන්ව හදාරන්න.... ඔවුන් විවිධයි.... ඔවුන්ගේ සිතුම් පැතුම් එකිනෙකාට වෙනස්..... ඔවුන්ට ධනාත්මක චින්තනය....ජීවිතයේ ඉලක්ක සකස් කිරීම සහ සපුරාගැනීම... නිපුනතා සංවර්ධනය.... ස්ත්‍රී පුරැෂ සමාජභාවය වැනි විවිධ මාතෘකා ඔස්සේ දැනුවත් කිරීම් කලා...
 මේ අතරේ මට හම්බුනා අපුරැ චරිතයක්... ඔහු කහටගස්දිගිලියෙන් ඇතුලේ බොහොම දුෂ්කර ගමක තරැණයෙක්.... හැබැයි ඔහුට බොහොම නරක පුරැද්දක් තිබුනා.... විටින් විට පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලන එක... මේක දේශණ අතරතුර වගේම ප්‍රායෝගික ක්‍රියාකරකම් අතරත් සිද්ධ උනා.... මොහු කණ්ඩායමේ අන්ත් සාමාජිකයින් ගෙන් කොනු උනා... මොහුව හැඳින්වුයේ "පුකේ ඇඟිල්ලා" විදියට....කණ්ඩායම තුල මේ තිබුන තත්වය මට බොහෝ විට අපහසුතා මතු කලා... ඔහු අත තියපු කිසිම දෙයක් අල්ලන්න අනිත් අය කැමති උනේ නැහැ... කණ්ඩායම් ක්‍රියාකාරකමකදී ඔහුට ලඟින් ඉන්න කව්රැවත්ම කැමති නැහැ.... අත අල්ලන්න වෙයි කියලා....නමුත් මොහුට මේ කිසිම දෙයක් වගක්වත් උනේ නැහැ..... ඔහුගේ පුරැද්ද අත්හැරගන්න ඔහුට ඕන උනේ නැහැ... ඔහු ඒක වැරැද්දක් විදියට දැක්කේ නැහැ... මේ හේතුන් නිසාම කණ්ඩායම තුල ඔහු අප්‍රසන්න පුද්ගලයෙකු උනා...
මේ ගැන පෞද්ගලිකව කීපවිටක්ම මේ ගැන අවවාද කලත් මේ පුරැද්ද ඔහුට අත්ඇරගන්න බැරි උනා... .... බැරිම තැන මම ඔහුට කණ්ඩායම ඉස්සරහා තදින් අවවාද කලා... මේ පුරැද්ද ගැන... ඒ ගැන කිපුන ඔහු මට මෙහෙම කිව්වා...

“සර්ට වැඩක් නැහැනේ මම ඇඟිල්ල ගහන්නේ මගේ පුකේනේ....සර්ගේ පුකේ නෙමෙයිනේ....“

මම නිරැත්තර උනා.....

අදටත් මේ වගේ පුද්ගලයෝ මුන ගැහෙනවා.....ඒ හැම මොහොතකම මට මතක් වෙන්නේ අර තරැණයාව....

10 comments:

  1. ඕවනම් මොනවද... මීට ටික කාලෙකට කලින් අරුණි අක්කාත් ලියලා තිබ්බේ රෆායා නඩාල්ගේ ඔය පුරුද්දක් ගැන!

    ReplyDelete
  2. පොන්ටියා හැම බෝලෙකටම කලින් කෙල බෙට්ටක් අතට ගහලා අත් දෙක අතුල්ලනවා... මට බලන් ඉන්න බැරිම තැන දවසක් ගූගල් කරලා බැලුවා... බැලින්නම් උගේ අල්ල අසාමාන්ය විදිහට ඩ්‍රයි ලු... බෝලේ ලිස්සන එක නවත්තන කරන දෙයක් කියලා තිවුණේ... :)

    ReplyDelete
    Replies
    1. පොන්ටියා අතේ ගහල ඉවරයි එහෙනං

      Delete
  3. කරන කෙනාට නොතේරුනාට කොයි තරම් කැත පුරුදු අපේ උදවිය ගාව තියෙනවද.
    නහය හෑරීම සහ ටික වෙලාවකින් ඒ ඇඟිල්ලම කටේ දැමීමට පෙර සොයාගත් දේ ගුලි කර කොහාට හෝ විසි කර දැමීම, ලියන පෑනෙන් කණ හාරා ටික වෙලාවකින් එය කටේ ගැසීම, පිරිස් ඉදිරියේ පුක කැසීම(හිතන්නේ තමන්ට පේන්නෙ නැති නිසා අන් අයටද නොපෙනේ කියා විය යුතුය), කිසි ලැජ්ජාවක් නැතුව පිරිස්(කතුන් පවා සිටින)ඉදිරියේ පවා ලිඟු කැසීම.....
    මේ හැම දේම කරන්නේ "තමන්ගේ දේ තමන්ට හිරිකිත නැත" යන න්‍යාය අනුව වෙන්න ඇති
    ඒත් ඒ දේවල් අනිත් අයට අනුන්ගේනේ, ඒ කියන්නෙ "අප්පිරියයි" කියලා තේරුම ගන්න තරම් උවමනාවක් නැතිකම තමයි ප්‍රශ්නේ.

    හැබැයි මේ දේවල් කරන බහුතරයක් අය පිරිමි වීම ලැජ්ජාවට කරුණක්, එවැනි හිරිකිත හැසිරීම් ඇති ගැහැණුන් ඉතා ස්වල්පයක්ද දැක ඇත.

    ReplyDelete
  4. අසාමාන්‍ය ගති ඇති මිනිසු අපි කාටත් මුණ ගැහෙනවා..

    ReplyDelete
  5. මානසික ප්‍රතිකාර සඳහා යොමු කරල බැලුවනම් සමහර විට ඕවා හරි ගස්සගන්න පුලුවන් ඇති!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. “සර්ට වැඩක් නැහැනේ මම ඇඟිල්ල ගහන්නේ මගේ පුකේනේ....සර්ගේ පුකේ නෙමෙයිනේ....“

    එයා ඇඟිල්ල ගහන්නේ එයාගේ පුකේ වුනත් එයා ජීවත් වෙන්නේ අනිත් අයත් එක්ක කොටින්ම කිව්වොත් සමාජේ. එයා තනියෙන් ජීවත් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් සමාජය කියන රාමුවේ ඇතුලේ මේක වෙද්දී ඒක නම් එයාගේ පුකේ ඇඟිලි ගැහුවත් අනිත් අයට ඒක ප්‍රශ්නයක් තමා

    ReplyDelete
  8. “සර්ට වැඩක් නැහැනේ මම ඇඟිල්ල ගහන්නේ මගේ පුකේනේ....සර්ගේ පුකේ නෙමෙයිනේ....“

    පට්ට කතාව.. මේක නම් දවසේ කතාව වගේ තාම.. හේ හේ.. මු කරපු වැඩේ නම් වැරදි, හැබැයි කියපු කතාව නම් හරි..

    ReplyDelete