Sunday, November 27, 2011

කට කහනවාට කියපු.. කථා දෙකක් සහ තවත් ටිකක්....

 
අපේ තාත්තා ගැහැව්වේ අතට... අපි පටන් ගන්නකොට ගැහැව්වා අතට...පස්සේ ගැහැව්වේ පුටුවට...ඊටත් පස්සේ ගැහැව්වා බුලත් කොලේට.... මුන් සේරම එක්කහුවෙලා ගැහැව්වේ නැතෑ අපේම "බඩට"....
-බස්සා-
-----------------------------------------------------------------------
මරැ පෝස්ට් දෙකක් දැක්කා.. එකක් ඊයේ රෑ... එකක් අද උදේ.... එකකට වැඩිපුර කමෙන්ටු දාලා තිබුනේ පර දෙමළු ටික මරමු කියලා... ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙන ආවේ...දැන් හෙව්වට හමුබඋනේ නැහැ... අයින් කරලද මන්දා...අනිත් එකෙන් කියලා තිබුනේ හම්බයෝ ටික නැති කරලා දාමු තියලා... මරැ ඈ.... දැන් තියෙන්නේ ගෙදර කුස්සියේ තියන මන්නා ටිකයි... මාලු කපන පිහි ටිකයි... තව තියෙයි නම් පොරව, කෙටේරි, වගේ තියන ආයුධ අරගෙන පාරට බැහැලා දෙන්න තියෙන්නේ වැ‍ඩේ... එතකොට... මේ අපි අතර ඉන්න උන්ගෙන් පටන් ගමුෂෝයි නේ... බුකියේ... බ්ලොගේ...වගේම ඔය තියන එක එක ගෘප් වල ඉන්න උන්ගෙන් පටන් ගමු...අහුවෙන දෙමළ පැටියගේ, හම්බ පැටියගේ ඉඳලා කපලා මරමු, ...බඩින්ගෑණුන්ගේ බඩවල් පලලා හමුබුවෙන්න ඉන්න උන් මරමු... අපිත් පෙන්නමු උන්ට විතරක් නෙමෙයි අපිටත් පුලුවන් කියලා.... පවුල් පිටින් කැති ගාන්න....උන් විතරක් නෙමෙයි අපිත් ‍ම්ලේච්ඡයෝ කියලා....කාටද ඕනේ පලවෙනි දෙමළට හරි හම්බයට හරි කොටන්න අවස්ථාව...මේක බොහොම දුර්ලභ අවස්ථාවක්... මොකද ඊට පස්සේ අපි විතරයි... මේ සිංහල අපගේ රටයි.. අපි ඉපදෙන මැරෙන රටයි...
-බස්සා-
----------------------------------------------------------------------
අපි මේ ලෝකෙට එන්නේ අත් මිටි මොලවගෙන...එක අතක යුතුකම්, අනිත් අතේ වගකීම්.... අපි යන්නේ දෑත් දිගහැරගෙන....යුතුකම් ඉටුකරන්න....වගකීම් නිදහස් කරන්න.....එවිට නිදහසේ දෑත් දිගහරින්න ලැබෙයි.....

-බස්සා-
------------------------------------------------------------------------
භාරගන්නෙත් නැහැ....ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.... මේ දෙක අතර තියන අවකාශය කුමක්ද.... මේ කථාව කාලයක් සීනීබෝල මාධ්‍ය කරැවන්ගේ “බයිට්“ එකත් වෙලා තිබුනා... හැබැයි මේ දෙක අතර යමක් තියනවා.... මම ඒක දකින්නේ “ශූන්‍යක්“ විදියට.....ඇත්තටම එහෙම හැඟීමක් තියනවා......

-බස්සා-
 -----------------------------------------------------------------------
“සිකුරා ලබපු කාලෙකට ගෑණු නිකං සෙක්ස් නිකං දුන්නට, නපුරැ සෙනසුරා ලැබුවම ගෙදර ගෑණිගෙන්වත් සෙක්ස් පිනට ලැබෙන්නේ නැති බව මතක තියාගනිං“
අපේ ආදර කථාව - උපුල් ශාන්ත සංන්නස්ගල-

90 දශකයේ මැද භාගෙදී කොන තෙමන උන ගැනුන තරැණයා සන්දියෙදී මුලින්ම කියවපු සන්නස්ගල ශූරීන්ගේ “වස්සානේ සිහිනය“ තුලින් ඔහුට පෙම්බැන්ද මම.... එදා සිට තවමත් ඒ වස්සානයට පෙම් බඳිමි.... ඔහු මගේ ලෝකයේ වීරයාය.... මල්පත්තරකාරයෙකු ලෙස හංවඩුගසා පාගා පොඩිකර දැම්මද.... සිය රැඩිකල් චින්තනයත් අදහස් ප්‍රකශණයත් තුල දහස් සංඛ්‍යාත තරැණ තරැණියන්ගේ ආදරයේ මුල් පොත් ලියන්නට හේතු භූත වු, නිසි ඇගයීමකට ලක් නොවු මගේ ලෝකයේ වීරයාය ඔහුය.....

-බස්සා-
------------------------------------------------------------------------
දැන් ලැබුනු පුවතක්....

ශ්‍රී පාදස්ථාන මහ නාහිමියන් තේරීමේ ඡන්ද විමසීම රත්නපුරයේ දී පැවැත්වුනා..... එය ඉතාමත් සාමකාමී ඡන්ද විමසීමක් වු අතර.... සංඹයා වහන්සේලා දෙත් පිරිත් දේශණා කරමින් ද.... තවත් තැනක මෛත්‍රී භාවනාව වඩමින්ද මෙම ඡන්දය පැවැත්වුනා.... වැඩි ඡන්ද 36 ක් ලබා ගනිමින් තේරෑ පත් වු මහනාහිමියන් පැමින සිටි සියලු හිමිවරැන්ට පිරිත් පැන් බෙදා දී මෙත් වඩා විසිරි ගියහ..... මේ අතර මෙම ස්ථානයට වැඩම කල ආචාර්ය මැරවින් සිල්වා මහතා ... පැමින සිටි සංඝයා වහන්සේලා පංචසීලයේ පිහිටවුවා..... දහවල් දානයද පුජා කලා.... මීට සහය දුන් පොලිස් නිළධාරින් උන්වහන්සේලාව පසඟ පිහිටුවා ආචර කර තම තමන්ගේ විහාරස්ථාන කරා වැඩමකෙරෙව්වා.... අනේ සාදු......

-බස්සා-
-----------------------------------------------------------------------
අනර්කලීට මහ කැ... වැඩක් උනා... අර ලාංකීය අභිමානයේ ගිය ලයිව් ප්‍රෝගෑම් එකක් මේ දැන්... කව්දෝ ගෑණු කෙනෙක් කථා මුලින් මෙහෙම කිව්වා..

අනේ අපි ඔයාට හරිම ආසයි... අර ඔයා ත්‍රීවිල් එකේ ඉඳගෙන කියලු ඒවා නම් මරැ....

පස්සේ අහපි...

මේ අර දුමින්ද සිල්වාට හොඳ වැඩේ නේද උනේ.... ?

අනර්... අපි දැන් මේ සිංදුවට යමු... හික්ස්....

මරැ ලයිව්.....
 -බස්සා-
------------------------------------------------------------------------
“කොටන කුකුළට මොන කොටුවත් එකයි“......

අනේ ...කේ......ඇමතිතුමා කොටන්න යන හැම තැනකම යන්නේ වටේ ඉන්න වන්දිබට්ටයොයි... ගොට්ටොයි එක්කනේ...අමතක වෙලාද...කුරැලු වාහිනියට කොටන්න ගිහින් කෙළවාගත්ත විදිය....හුජ්ජ නෑව හැටි.....මේ කථා දැක්කාම පුකෙන් හිනා......
 -බස්සා-
-----------------------------------------------------------------------
බල්ලොත් එක්ක බෑ...

http://www.lankahotnews.info/?p=4086#more-4086

5 comments:

  1. ම්ම්හ්හ් තේරුනේ නෑ නේ.

    සන්නස්ගල ගැන ඔය කතාවම දවසක් මගේ හිතවතෙකුත් කීවා. ඇත්ත සිංහල ටිකක් නම් ඉගැන්නුව එක ගැන නම් ආඩම්බර වෙන්න ඕනේ. ඒත් අනිත් ඒවා නම් උගෙ පට්ට අවුල්.

    මර්සි මර්විත් දැන් සිල් ගන්නවද? නැත්නම් බලෙන් සිල් පොවනවද?

    ReplyDelete
  2. නියම කතා ටික. අනර්කෙලීට කෙලිය හැටි නම් වීඩියෝ එකකින්ම දැක්කා. කෙලී කට උත්තර නැතිවෙලා කටත් බාගෙට ඇරුණා :))

    ReplyDelete
  3. මරු කතා ටික. අපි අත් ගුලිකරන් එන්නේ ආයි යන්න් බෑ කියන තෙරුමෙන් නෙද? මේ සසරේ ඇලිලා ඉන්න බ ව නෙද පෙන්නන්නේ?

    ReplyDelete
  4. සන්නස්ගල සර් සල්ලි මත්තෙම නැහෙන්න නැතිව ළමයින්ගෙ ආර්ථිකය ගැනත් සාධාරණව හිතල ඉගැන්නුව නම් මීට වඩා සර්ට සර් ගෙ ඉගැන්වීම් වලට කැමති වෙයි ළමයි....
    මොක කොලත් අපි දන්න තරමින් නම් බාගෙට බාගයක් ළමයි සර්ගෙ පංතියට යන්නෙ ඉගෙනගන්න නම් නෙමෙයි.. ඒක කොල්ලන්ට වගේම කොල්ලන්ටත් පොදු මට ඔප්පු කරල පෙන්නන්නත් පුලුවන් යථාර්තයක්....

    දෙමල්ලු අපෙ මිනිසුන්ව මැරුවට උන් කරපු දේම අපිත් කලොත් අපිත් ඒ තත්වෙට වැටෙනවනෙ බං.....
    එහෙම නොකර ඉන්න එක අපේ ධර්මය වගේම යුතුකම....

    ReplyDelete
  5. //අපේ තාත්තා ගැහැව්වේ අතට... අපි පටන් ගන්නකොට ගැහැව්වා අතට...පස්සේ ගැහැව්වේ පුටුවට...ඊටත් පස්සේ ගැහැව්වා බුලත් කොලේට.... මුන් සේරම එක්කහුවෙලා ගැහැව්වේ නැතෑ අපේම "බඩට"....//

    හැබැයි ඒකාලේ ඔය බුලත් කොලේට ගහපු අයම තමා බොල කීවේ "බඩ" ගැන නොහිත බුලත් කොලේට ගහන්ට කියල..

    ReplyDelete