Tuesday, November 8, 2011

අපි මෙහෙම ඉමු...

 මට කොයි තරම් ඕනේ උනත්...
මේ තරම්  ලඟ හිටියත්..
ලංවෙන්න ඔයාට..
බැහැ මට...

‍කොයි තරම් ආදරෙන්..
මග බලන් හිටියත්..
ඔයාට බැහැ මට ලංවෙන්න...
‍ඔයා විනාස වෙයි...

දුක තමයි...
අපි මෙහෙම ඉමු.. 
මේ දුර හොඳයි...
අපි මෙහෙම ඉමු..

8 comments:

  1. එහෙම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා වෙලාවකට ......

    ReplyDelete
  2. ඒත් හැමදාම දුරින් ඉන්නකොට එපා වෙන එකක් නැද්ද?

    ReplyDelete
  3. ලං වෙලා මීටවඩා හිත රිදවගන්නවට වඩා මෙහෙම දුරින් ඉන්න් එකත් වෙලාවකට හොදයි..

    ReplyDelete
  4. දුර ඉන්නකම් අගේ තියේවි...ආදරෙත් තියේවි.....ලඟට ආවාම හීනෙන් අවදි උනා වගේ දැනේවි.......

    ReplyDelete
  5. නිසොල්මනේ වුන් මම
    හිස අතගා කිට්ටු කරන්
    හදවත මගෙ අතට අරන්
    දුක පිසදා හැඩත් බලන්
    අන්තිමේ දි
    දුරින් ඉදිමු
    කියන නුඹව , කීව ඔහුව
    කියන්න ඉන්න ඔහුත්
    “ඔක්කම එකයි “
    හැමදාමත් , හැමවෙලේමත්
    මට වෙන්නෙ
    ඔහොමමයි
    ආයෙ නම් යන්නෙ නැහැ
    දුක කියන්න කාටවත්
    පේන්නන්නෙ නැහැ මගේ කඳුළු
    කිසිම පිරිමියෙක්ට
    ඕනි නැහැ උරිස්
    ඕනි නැහැ
    ඕනි නැහැ
    ඕනිම නැහැ
    රෑට අඬල අඩල
    කොට්ටෙටම දුක කියනවා
    ප්‍රිරිටන් දෙකක් බීලා
    ඇසිපිය ඇලවෙනකම් නිදා ගන්නව
    ඉවසපන් මයෙ හිත
    “පිරිමි ඔහොමම මයි“

    ReplyDelete
  6. lanwenna gihin nathi wenawata wada durin idan hari adare karanna puluwan nam ee adare hamadatama thiyenawa

    ReplyDelete