Wednesday, November 16, 2011

අපේ නිවටකම සහ පොලීසියේ චණ්ඩිකම.....

බිංගිරිය පොලීසිය තවත් බිල්ලක් අරගෙන...සොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් තමන් ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන....මෙහි වගකීම කා සතුද ? පොලිසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයින් මෙසේ මියයාමට වගකිව යුත්තේ කව්රැන්ද ? මෙහි නීතිමය තත්වය කෙසේද ? මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය හැකිද ? පොලිස් කූඩුවක් තුල මියි ගිය අයෙකුගේ මරණ පරීක්ෂණය කොතරම් දුරට අපක්ෂපාතී විය හැකිද ? මරණ පරීක්ෂක වාර්ථාවේ නිගමනය කුමක්ද ?  හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිය නිගමනය කරනු ලබන්නේ පොලිසිය විසින්  වාර්ථා කරැණු ලබන කරැණු පදනම්කරගෙනද ? විනදිතයන් වෙනුවෙන් පෙනීසිටිනවායැයි කියන.... මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සැකකරැවන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා තිබේද ? එසේ නම් එම වාර්ථාවන්ට අනුව කරනු ලැබු නිර්දේශයන් මොනවාද ? මේ මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණයක් ඉටුවීද ?

මේ කැරකෙන්නේ ඔබේ වාසනා චක්‍රයයි... ඊලඟ වාසනාවන්තයා ඔබ විය හැකිය....

තව මාසකින් මේ වගේ තවත් ලිපියක් ලියන්නට වාසනාව ලැබේවා !!!!

4 comments:

  1. ඔය පොටෝ එකේ ඉන්න 3 දෙනා කවුද එතකොට?

    ReplyDelete
  2. "තම කම නැන පමනින්" ඒ ගැන කල්පනා කරන්න තමයි මේක දැම්මේ... මේකේ මාතෘකාව දැම්මේ වෙන එකක්... නමුත් සැර වැඩියි කියලා තමයි මේ පිංතූරේ දැම්මේ.....අපිට තමයි ඒක ගැන කල්පනාකරන්න වෙන්නේ....

    ReplyDelete
  3. අසිරිමත් සිරි ලන්කාවේ,තවත් එක් ආශ්චර්යක්...

    ReplyDelete