Saturday, November 5, 2011

කිචිය...කුචිය සහ ආතල්.... 18+

‍මේ මාසේ දවස් 5 ක්ම ගියා.. දන්නේම නැතුව..ලියන්න ගත්ත පෝස්ට් කීපයක්ම තාමත් ඉවරකරන්න බැරි උනා.. ඔය අතරේ තමයි අද දැක්ක සිද්ධියක් නිසා හදිසියේම මේ කථා ටික මතක් උනේ...කෝච්චි කථා කීපයක්.. මීට අවුරැදු 10 කට විතර කලින් මම රැකියාවට ගියේ දුම්රියේ...(ඒ කිව්වට තාමත් දුම්රියේ තමයි යන්නේ) මේ කියන්නේ ලංකාවේ දුම්රිය ගැන... ‍ඔය කාර්යාල දුම්රිය බොහොමයක් "කුමරි"ලානේ.. මේවත් මේ එක "කුමාරි" කෙනෙක්ගේ හතරවැනි පෙට්ටියේ ඉස්සරහා දොරේ ‍පලවැනි සීට් එකේදී අත්දැකපු... අහපු කථා කීපයක්..

කුචිය....එහෙමත් නැත්නම් කිචිය... කියන්නේ බොහොම බරපතල දෙයක්...මේකට ලොකු අතීතයකුත් තියනවා.. අපි පොඩි කාලේ අම්මලා කියන්නේ "මේකා බඩගිනි බඩගිනි කියනවා" කියලා කරන සෙල්ලමේ අවසාන බලාපොරොත්තුව තමයි මේ කුචිය කියන එක අඩුකිරීම කියලා දැන් මට හිතෙනවා... මොකද කුචිය නොහොත් කිචිය ඒ තරමටද ජීවිතේට බලපාන නිසා.. දැන් බලන්න එපා කොච්චි ගැන කථා කරලා ඇයි මේ කුචියක් ගැන කියන්නේ කියලා..

මේ කථාවේ කථානායකයා අපේ කොච්චි සගයෙක්...හැබැයි අර මං කලින් කිව්ව කුචිය නොහොත් කුචියේ "ජෙනුයින්" එක තමයි මෙයාට තියෙන්නේ... ඒ ‍"පෙරේරා' අන්කල්... ටිකක් වයසක උනාට ජොලි පොර... කොහේ ගියත් එන්නේ අපි කොල්ලෝ සෙට් එක ඉන්න තැනට තමයි... සමහර වෙලාවට බයිට් එක වෙන්නෙත් මෙයාම තමයි..පෙරේරා අන්කල් බොහොම දරැණු කුචියක් තිබ්බ තිබ්බ කෙනෙක්.. යන්තං හරි අඟිල්ලක් බඩට.. කිහිල්ලට වැදුනොත් කෙලින්ම එළියට එන්නේ අර ස්ත්‍රී ලිංගයට කියන ශුද්ධ සිංහල වචනේ... ඒකට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ... ඕනෑම තැනක දෙයියනේ කියලා ඕක අහගන්න පුලුවන්  යන්තං පෙරේරා අන්කල්ට "ටච්" එකක් දුන්නොත්..

ඔන්න දවසක් අපි සෙට් එක යන අතරේ සුන්දර, පැහැපත්, සුකුමාළ (වෙන මොනාද තියන වචන) ගෑණූ ළමයෙක් නැග්ගා ‍අපේ පෙට්ටියට... සාමාන්‍යයෙන් අපේ සෙට් එක ගැන දන්න කිසිම ගෑණුළමේක් අපි ඉන්න පලාතටවත් එන්නේ නැහැ.....ඒත් කරැමෙට මේ ළමයා ඇවිත් නතර උනේ අපි ලඟම... අපේ එවුන් වැඩ පෙන්නන පටන් ගත්තා.... අපි ඒ ටික දෙබස් විදියට අහමු..

පෙරේරා අන්කල්...

අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?

(වනචර කො‍ල්ලෙක් ඇන්නේ නැද්ද අන්කල්ගේ කිහිල්ලට)

%*%&$*#(*#(@@@@@

අර ගෑණු ළමයා අඬාගෙන අතුරැදහන් උනා....

ඒ එක සිද්ධියක්... 

-------------------------------------------------

අනිත් එක කිරිගොට්ට සම්බන්ධ එකක්....? කොච්චිවල යන උන් නම් මේක දන්නවා ඇති... විශේෂයෙන්ම සෙනග පිරිලා යන කෝච්චි වල මේක නිතරම සිද්ධවෙන දෙයක්... දන්නවනේ කොච්චියේ හිටගෙන යන්නේ පේළි 3 කටනේ... කිරිගොට්ට උලනවා/ අතුල්ලනවා කියන්නේ මේ පේලියේ මැදට ගෑණු කෙනෙක් සෙට් උනාම සිද්ධවෙන දෙයක්... මේවගේ සිද්ධියක් උනා අපි සෙට් එක ඉන්න තැන... දවසක් ටිකක් වයස කන්තෝරැ අනකල් කෙනෙක්ගේ පිටිපස්සට සෙට් උනා තරැණ ගෑණු ළමේක්.... ටික වෙලාවක් යනකොට අන්කල් පටන් ගත්තා වැ‍ඩේ... කිරිගොට්ට උලන්න... දැන් අර ගෑණු ළමයි ඇඹරෙනවා... හෙල්ලෙන්නවත් බැරි තරමට කෝච්චිය පැක්.... මේක දැකපු අපේ එකෙක් අන්කල්ට මෙහෙම කිව්වා විතරයි අන්කල් භූ‍මිතෙල් ගාපු ගැරඬියා වගේ අතුරැදහන් උනා...

අන්කල්... ඔහොම ගියොත් කොටුවට යන්න කලින් අන්කල්ගේ පිටේ "‍බ්‍රෙස්ට් කැන්සර්" හැදෙයි.....

-------------------------------------------------

මේ තුන්වෙනි කථාව.... ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... මේකත් කිරි ගොට්ට ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්.... වැලමිට වද්දමින් පැද්දෙන එක...දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු... මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ) මරදානට ආවා... දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා... කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා... මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා.... අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."

-------------------------------------------------

දැන් "ආතල්" කථා ටික බැලුවනේ.... හැබැයි මේ බොහොම සරළ "ආතල්" කථාවලින් මට කියන්න් ඕනේ උනේ වෙන දෙයක්... මොකද මෑතකදී මගේ හිතවතියක් මට කිව්වා මේ මානව හිමිකම් ගැන ලියන ලිපි පෙල තේරෙන්නේ නැහැ කියලා... මේ වඩාත් සරළව නීති ගැන හඳුනවලා දෙන්න ගත්ත තවත් උත්සහයක්.. මේ හැම සිද්ධියක්ම ශ්‍රී ලංකාවේ නිති පද්ධතියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි.... වසර 7 ක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වැරදි.....ශ්‍රී ලංකා වේ දණ්ඩ නීති සංග්‍රහයේ 1983 අංක 12 පනත, 1995 අංක 22 සහ 1998 අංක 29 දරණ සංශෝධන පනත් වලට අදාලව "කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" යටතේ අත්අඩංගුවට ගෙන වැරදිකරැ වුවහොත් උපරිමය වසර 7 දක්වා සිරදඬුවම්ද වන්දි ද නියම කල හැකි වැරදි... ලංකාව තුල කාන්තාවන් ගේ ආරක්ෂාව සඳහා මනා නීතිපද්ධතියක් ඇතත් එය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් තුල එදත් අදත් හෙටත් කාන්තාව මෙවැනි අතරවරයන්ට මුහුන දෙනු ඇත....

24 comments:

  1. හොඳ ප්‍රකාශයක්

    ReplyDelete
  2. කියල වැඩක් නෑ,කෝච්චියේ වෙන වැඩ වලට කව්රුවත් ප්‍රචාරය දෙන්නේ නැහැ,ඔය office කෝච්චියකට කියල මමත් ගාල්ලේ ඉඳල දෙහිවල හරියට එනකන් වගේ හැමදාම සෙට් උන කාලයක් තිබ්බ.එකේ වෙච්ච කතා ගැන දැන් නම් ඉතින් මතකත් නෑ වගේ,හැමදාම මොකක්හරි කතාවක් තියෙනවා නේ .....

    ReplyDelete
  3. @ නෙරංජී.... ස්තූතියි....

    ReplyDelete
  4. @ තරිඳු ....ස්තූතියි තරිඳු.... කෝච්චි අත්දැකීම් කියන්න පුලුවන් ඕන තරම්... හිනා වෙන්න අඬන්න වගේම ත්‍රාසජනක කථ පිරිලා තියනවා...පලමු පස්සේ..

    ReplyDelete
  5. @ ඔජායේ... වෙන්නැති...වෙන්නැති.... ස්තූතියි ඔබට...

    ReplyDelete
  6. මා පාසල් යන කාලේ වෙච්චි සිද්ධියක් මේකට එකතු කරන්න අවසර.එතකොට තේරේවි ලංකාවේ නීතයේ තරම කොයි තරම් ද කියලා.

    ස්කෝලකාලේ සුදු ගවුම ඇන්දම බස් වල යන එන සමහර පිරිමි හිතන්නේ , ස්කොල ළමයින් නිසා සද්ද නොකර ඉවසන් ඉදිවි කියලා. එහෙමත් නැති නම් කිසිදෙයක් තේරෙන්නෙ නැහැ කියලා.ඉතින් දවසක් ස්කොල බස් එකක දි ඔය කියන සිද්දියක් වෙලා , බොහොම කාරුණික කොන්දොස්තර අයියට ඒ ගැහැණු ළමය මේ සිද්ධිය කීවා.කොන්දොස්තර අයියත් ගැහැණු ළමයගෙ ඉල්ලීමට හිත උණු වෙලා , මදක් පානය කරල ජැක් ගහපු කෙලින් ඉන්නවත් බැරි අර මනුස්සයට හොදවයින් බැනල බෙල්ලෙන් අල්ලල විසි කලා බස් එකෙන් එළියට.

    ඒත් පහු වෙනිදා

    ඒ බස් එක එනකම් මග රැකල හිටපු පිරිසක් අර කොන්දොස්තර අයියට නෙලල තිබ්බෙ මදි නොකියන්න .ඊට පස්සෙ ඒ අහිංසක මනුස්සය රස්සාවටත් නොයා මාස ගානක් හිටියා.

    නීති කොච්චර දැනන් හිටියත් මේ ලංකාවේ පලක් නැහැ මයෙ බස්සෝ.

    ReplyDelete
  7. "අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."
    බලන්න කොච්චර කැමැත්තෙන්ද ඉඳල තියෙන්නෙ....

    ReplyDelete
  8. නියමයි......

    අපූරු රටාවකින්, ගැඹුරක් පෙන්නලා දීලා....

    ඔබට ජය....!

    ReplyDelete
  9. ලංකාවේ වගේ රටක සංස්කෘතිය එක්ක ගැහැණිය මේ වගේ අවස්ථාවලදි නිහඬ වෙනවා. ඒක හින්දම තමයි එම අපරාද වැඩි වෙන්නෙත් කියලා මට හිතෙන්නේ. මේ ගැන මා ඕන තරම් කතා කරලා තියෙනවා.
    මේ තමයි මට ලංකාවෙදි සිදු වූ දෙය.
    මා හා මගේ යෙහෙළියන් දෙදෙනෙක් රෑ දුර ගමන් බසයකට නැගලා වෙන්කරගත් සීට් වල යනවා. මගේ එක යෙහෙළියක් නීති අංශයේ කෙනෙක් අනිත් එක්කෙනා ජනමාධ්‍ය.ටිකකින් මට පේනවා ඒ දෙන්නාගේ සීට් එකට ඔය වගේ අසීමිත විදියට නින්ද යන පිරිමි. මගේ ඉවසීමේ සීමාවේ රතු ඉර දැන් කෑගහනවා. උන් දෙන්නටත් නින්ද ගිහින්ද කොහෙද සද්දයක් නෑ.
    ටිකකින් මම කැඩිච්ච සිංහලෙන් ටිකක් අලි වංශෙන් බැන්නා. එතකොට අර මිනිස්සු යන්න ගියා එතනින්. ටිකකින් මගේ යාළුවෝ දෙන්නා මට හිනා වෙනවා මචන් උඹ බස් වල සිස්ටම් එක දන්නේ නෑ. අපි ඕක කිව්වා නම් අපිට වෙන්නේ අනිත් මිනිස්සු ඔක්කොගෙන්ම බැනුම් අහගන්න එක. මේ සෙනස අස්සේ ලැජ්ජාවට පත් වෙන එක කියලා. ඒත් ඉතින් උඹ ඒලියන් කෙනෙක් වගේ හින්දා උඹට මුකුත් කිව්වේ නෑ කියලා. ඔන්න නීතිය දන්න මිනිස්සුත් හැසිරෙන විදිය.

    ReplyDelete
  10. කෝච්චි කතා ටික නම් ෆුල් ආතල්....
    කිරි ගොට්ටේ කතාව නම් අදමයි ඇහුවේ.....
    ඒත් මේ කතාව ඇතුලේ තියෙන හරය වැදගත්.........
    සොඳුරු අක්කා කියන්නා වගේ දැන් ලංකාවේ නීති දැනන් හිටියට වැඩක් නෑ.....
    අවනීතිය රජ වෙලා...සා----ට ගිය රට.......
    ඒත් ඉත්න් අපි රටේ නීතිය දැන ගෙන ඉන්න ඕන..ඒක උවමනා වෙනවා කොයිම වෙලාවක හරි....
    ඔය උසාවියත් උපකල්පනය කරනවා කියන්නේ රටේ මිනිස්සු රටේ නීතිය 100% දන්නවා කියලලුනේ.........

    ReplyDelete
  11. ehapaththe kochchiya! maxxa! :D :D :D :D niyama kathandara tikak!

    ReplyDelete
  12. @ සොඳුරැ සිත... ඇත්ත... ඒක නිසා තමයි මේ වගේ දෙවල් කියන්න උත්සහා කරන්නේ...නිහඬව සිටීම තුල ලැබුන දෙයක් නැහැ සොඳුරැ... අකමැත්තෙන් උනත් අපිට සමහර දේවල් උදුර ගන්න වෙනවා... සමාජයකට නීතිය සහ නීතියේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත්... මේව ගැන කථා නොකලොත්... විරුද්ධ නොවුනොත් හෙට බස් එක ඇතුලේ දුෂණය කරලා යයි...

    ReplyDelete
  13. @ චන්දික.... ස්තූතියි ස‍හෝදරයා....

    ReplyDelete
  14. හිරැ ගේ ලෝකය...බොහොම් ස්තූතියි...සතුටුයි ඒදේ තේරැම් ගැනීම ගැන..

    ReplyDelete
  15. @ බුරැ බබා... ඔබ කල‍දේ හරියටම හරි... නැවතත් කියන්නේ... අපිට නිහඬව සිටීම තුල ලැබුන දෙයක් නැහැ ... අකමැත්තෙන් උනත් අපිට සමහර දේවල් උදුර ගන්න වෙනවා... සමාජයකට නීතිය සහ නීතියේ ක්‍රියාකාරීත්වය හරිම වැදගත්... මේව ගැන කථා නොකලොත්... විරුද්ධ නොවුනොත් හෙට බස් එක ඇතුලේ දුෂණය කරලා යයි...

    ReplyDelete
  16. @ ගොඩයා....බොහොම ස්තූතියි....නීතිය ගැන යම් අවබෝධයක් තියන එක හැම‍දේකටම හොඳයි... එතකොට අපි කරන වැරැද්ද හෝ අපිට මුන දෙන්න වෙන් වැරැද්ද පිළිබඳ වැටහීමක් තියනවා අඩුම ගානේ....

    ReplyDelete
  17. මාධව... බොහොම ස්තූතියි සහෝදරයා...

    ReplyDelete
  18. නියම කතා සෙට් එක. "අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?"මේ කතාව නියමයි කෙල්ලට වහ කන්න හිතෙන්න ඇති

    ReplyDelete
  19. අඩේ බස්සො එතකොට පිරිමින්ගෙ හිරි ඔතප් බිඳින කාන්තා පාර්ශවයට මුකුත්ම නෑ එතකොට .......

    ඒක හරි අසාධාරණයිනෙ ......

    ReplyDelete
  20. train eka vitharak newi bus eka oita eha. ape paththeth hoda jack pappek. ... uta wayasa prshnayak na.... ona lady vitharai.....

    ReplyDelete
  21. මරු කතා ටික.

    ReplyDelete
  22. ඇස් රිදෙනව බන් කියවන්න අමාරුයි. font එක ලොකු කරල theme එක මාරු කරහන්කො.

    ReplyDelete
  23. ඔය කතාව සමුද්‍ර දේවියෙ වෙන්න ඇති. නැත්නම් සාගරිකගෙ. ඒ විස්තර කිව්වොත් පුදුම හිතෙයි. කල්ලි වලට සෙට් වෙල යන කෙල්ලො යන්නෙ කොල්ලන්ගෙ කරේ. හැම එකා එක්කම නටනව. අතින් අල්ලනව. අනිනව. කොනිත්තනව ඉතින් ඒවට කැමති උන්ට විතරයි සීට් දෙන්නෙ නැත්නම් ඉඩ තිබුනත් දෙන්නෑ. බැරි වෙලා හරි වාඩි උනොත් මගදි එක එක විදියෙ දේවල් වලින් වාඩි උන එකාට එපා වෙනව. අජ පල් ඒවයෙ ගිහින්ම බලන්න.පුදුම අප්පිරියාවක් හිතෙයි

    ReplyDelete